Friday, January 17, 2025

General line - 0115112241

විමල්ට රට යන්න අධිකරණයෙන් අවසර

අධිකරණ වාර්තාකරු




ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි විමල් වීරවංශට විදේශ ගතවීමට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය අද (31) අවසර ලබා දුන්නා. ඒ අනුව සැප්තැම්බර් මස 9 වනදා සිට 15 වනදා දක්වා චීනයේ සංචාරය කිරීමට අවසර ලබාදීමටයි කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න අවසර ලබාදී ඇත්තේ.

පාර්ලිමේන්තු මන්ත‍්‍රි විමල් වීරවංශට විදෙස් ගමන් තහනමක් පනවා ඇත්තේ පසුගිය රජය සමයේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජාතික නිදහස් පෙරමුණට ලබා දුන් රජයේ වාහන 40ක් අවභාවිත කිරීමේ චෝදනා යටතේ වන නඩුවකට අදාළවයි.