Friday, January 17, 2025

General line - 0115112241

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය ගැන ඉදිරිපත් වූ රීට් පෙත්සමක් සළකා බැලීමට දින නියම වෙයි

අධිකරණ වාර්තාකරු




ඇල්පිටිය ප‍්‍රාදේශිය සභා මැතිවරණය පැවැත්වීම වළක්වාලීමට ගොණු කෙරුණු රීට් පෙත්සම සැප්තැම්බර් මස 25 වනදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) දින නියම කළා.

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ මැතිවරණය පැවැත්වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ඉකුත් ජනවාරි 30 වනදායි. ඒ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ ගොණු කළ රීට් පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුවයි.

මෙම පෙත්සම සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ගේ විරෝධතා ඉදිරිපත් කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු වගඋත්තරකාර පාර්ශවවලට නියෝග කර තිබෙනවා. බලය ලත් නියෝජිතයෙකු විසින් නාමයෝජනා භාර නොදුන් බව පවසමින් තම නාමයෝජනා ප‍්‍රතික්‍ෂේප කිරීමට ගාල්ල දිස්ති‍්‍රක් තේරීම්භාර නිලධාරියා කටයුතු කර ඇතැයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ එම පෙත්සම මගින් කරුණු දක්වා තිබුණා.