Friday, September 20, 2024

General line - 0115112241

ළඟ ළඟම එන අලුත්ම ‘ප්‍රිස්මා‘ වැඩ කෑල්ල (VIDEO)



ප්‍රිස්මා කිව්වොත් දැන් නොදන්න කෙනෙක් නැති තරම්..

ඒ තරමට ප්‍රිස්මා app එක ලෝ පුරා අතිශය ජනප්‍රියත්වයට පත්වුණා.

ප්‍ර‍ථමයෙන් ඇපල් දුරකථන වලට පමණක් නිකුත් කළ මෙම app එක පසුව ඇන්ඩ්‍රොයිඩ් දුරකථන වලටද නිකුත් කෙරුණා.

විවිධ අයුරින් ඡයාරූප නිර්මාණය කරගත හැකි මෙම app එක ඉතා විශිෂ්ඨ එකක් බවයි මෙය පරිශීලනය කළ බොහෝ දෙනා ප්‍ර‍කාශ කළේ.

කෙසේ වෙතත් ප්‍රිස්මා පරිශීලකයන්ට තවත් සුභ ආරංචියක් මේ වනවිට විදෙස් මාධ්‍ය තුළ කතා බහට ලක්වනවා.

ඒ ඡයාරූප වලට පමණක් සීමා වූ මෙම app එක වීඩියෝ සඳහා ද මේ වන විට අත්හදා බැලෙමින් පවතින බවයි.

ඒ හා සම්බන්ධ වීඩියෝවක්ද මේ වන විට අන්තර්ජාලය වෙත නිකුත් වී තිබෙනවා.

එම වීඩියෝව පහතින්..