Friday, January 17, 2025

General line - 0115112241

නිහැඩියාව බිදිමට කාලය එළඹ ඇති බව ගෝඨාභය කියයි

සජිත් තිලකරත්න




මෙරට සියළුම දේශපේ‍්‍රමී බලවේග එක්ව සංවිධාන කරන ජනබලය කොළඹට ආණ්ඩු විරෝධි රැළියට සැප්තැම්බර් 5 වනදා එක්වන ලෙස වෘත්තිකයන්ට සහ බුද්ධිමතුන්ට ආරාධනා කරන බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ පවසනවා. 

හිටපු ආරක්‍ෂක ලේකම්වරයා මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ජාති, ආගම්, පක්‍ෂ භේදයකින් තොරව විශාල වෘත්තිකයන් සහ බුද්ධිමතුන් පිරිසක් තමන් හා එක්ව සිටින බවයි. කෙසේවෙතත් තමන් ඇතුළු එම පිරිස ප‍්‍රධාන ධාරාවේ දේශපාලන කටයුතුවලට එක්වීමෙන් වැළකී සිටීමේ ප‍්‍රතිපත්තියක් අනුගමනය කළ බව රහසක් නොවන බවද එම නිවේදනයේ සදහන්. 

සමස්තයක් ලෙස වෘත්තීයවේදින් සහ බුද්ධිමතුන් ප‍්‍රපාතයට ඇද වැටී ඇති මෙරට දේශපාලනය සමග ගණුදෙනු නොකළ යුතුය යන ජනපි‍්‍රය මතයක  සිටි බැවින් බොහෝ දෙනෙකු මෙම ස්ථාවරය සම්බන්ධයෙන් නිහඩ අනුකූලතාවක් දැක්වූ බවද හිටපු ආරක්‍ෂක ලේකම්වරයා පෙන්වා දෙනවා.

එහෙත් මෙම සංකල්පයෙන් ඔබ්බට ගොස් වර්තමානයේ රටේ සිදුවෙමින් පවතින නැවත නිවැරදි කළ නොහැකි සහ දරාගත නොහැකි විනාශය අභිමුඛව සියළු දෙනා පෙරට පැමිණිය යුතු දිනය උදාවී ඇති බවයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. 

මේ අතර ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අද (31) පැවැත්වූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර ශෙහාන් සේමසිංහ ලබන 5 වනදා පැවැත්වෙන විරෝධතාව සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.