Friday, January 17, 2025

General line - 0115112241

චතුරගේ විවාහ මංගල උත්සවය ගැන අගමැති කාර්යාලයෙන් නිවේදනයක්

සජිත් තිලකරත්න




ඊයේ (30) පැවති පාර්ලිමේන්තු මන්තී‍්‍ර චතුර සේනාරත්නගේ විවාහ මංගල්‍ය උත්සවය සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය ඔස්සේ අසත්‍ය හා පදනම් විරහිත තොරතුරු සමාජගතවෙමින් පවතින බව අග‍්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා. 

එම කාර්යාලය පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර චතුර සේනාරත්නගේ විවාහ මංගල උත්සවය පැවැත්වුයේ අග‍්‍රාමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරයේ නොව එම පරිශ‍්‍රයේ ඇති උත්සව ශාලාවේදී බවයි. මෙම උත්සව ශාලාව සම්මත ක‍්‍රමවේදයක් ඔස්සේ රාජ්‍ය හා වෙනත් උත්සව අවස්ථා සදහා ලබාදීම පිළිගත් ක‍්‍රමවේදය බවද අග‍්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක සදහන්. 

ඒ අනුව ආණ්ඩු පක්‍ෂයේ මන්තී‍්‍රවරයෙකු ලෙස පාර්ලිමේන්තු මන්තී‍්‍ර චතුර සේනාරත්න සිය විවාහ මංගල්‍ය පැවැත්වීම සදහා එම උත්සව ශාලාව ලබාදිය හැකි දැයි විමසීමක් කළ බව අග‍්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා. ඒ අනුව සම්මත ක‍්‍රමවේදයන් මත ශාලාව ලබාදීමට කටයුතු කළ බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ. එහෙත් ඇතමුන් අර්ථ දක්වන පරිදි මෙය නොමිලේ ලබාදීමක් හෝ ජනතා මුදල් අවභාවිත කිරීමක් නොවන බවද එම නිවේදනයේ දැක්වෙනවා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර චතුර සේනාරත්න වෙත එම උත්සව ශාලාව ලබාදි ඇත්තේ ඊට අදාළ සම්මත ගෙවීම් මත බවත් උත්සවයේ සැරසිලි, ආහාර පාන හෝ අන් කිසිදු කාර්යයකට අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ සම්බන්ධයක් නොමැති බවත් එහි වැඩිදුරටත් දැක්වෙනවා.

මේ අතර ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකදි පාර්ලිමේන්තු මන්තී‍්‍ර ශෙහාන් සේමසිංහ ද මෙම විවාහ මංගල්‍ය සම්බන්ධයෙන් අදහස් පළ කළා

මේ රටේ සියලුම තරුණ තරුණියන්ට එවැනි මංගල උත්සවයක් ගැනීමට හැකි වේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා මෙන්ම චතුර සේනාරත්න මැතිතුමාට අපි සුභ පතනවා යැයි මෙහිදී මන්ත්‍රිවරයා සදහන් කර සිටියා.

අද පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුමගෙන්ද මාධ්‍යවේදීන් ඒ සම්බන්ධයෙන් විමසීමක් කළා.