කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ රාජකාරී කරන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඇතැම් නිලධාරීන්ගේ කි‍්‍රයාකලාපය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබද නෙත් නිවුස් ඊයේ (31) සිදුකළ අනාවරණය සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමුවී තිබෙනවා.
ගුවන් තොටුපොල වෙත පැමිණෙන ඇතැම් මගීන්ට නොහොබිනා වචන භාවිත කරමින් එහි ඇතැම් නිලධාරීන් බැණ වදින බව නෙත් නිවුස් ඊයේ අනාවරණ කළා. එවැනි සිද්ධින් සම්බන්ධයෙන් වහාම සොයා බලන බවයි විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර ඊට ප‍්‍රතිචාර දක්වමින් නෙත් නිවුස් වෙත කියාසිටියේ.
.......................................................................
කටුනායක ගුවන් තොටුපලේ විදේශ සේවා නිලධාරීන්ගෙන් මගීන්ට හිරිහැර
(31-08-2018 19:13)
කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ රාජකාරී කරන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ගේ කි‍්‍රයාකලාපය සම්බන්ධයෙන් චෝදනා එල්ල වනවා. ගුවන් තොටුපොල වෙත පැමිණෙන ඇතැම් මගීන්ට නොහොබිනා වචන භාවිත කරමින් එහි ඇතැම් නිලධාරීන් බැණ වදින බවටයි චෝදනා එල්ල වන්නේ. අද දිනයේද එවැනි සිද්ධියක් වාර්තා වූ බව එහි සිටි නෙත් නිවුස් ශ‍්‍රාවකයෙක් අප වෙත දැනුම් දුන්නා. ඔහු තමන් දුටු එම සිද්ධිය විස්තර කළේ මෙලෙසයි.
කිසියම් ගැටළුවක්වේ නම් සුහදශීලි ලෙස එම ගැටළු නිරාකරණය කරනවා මිස මගීන්ට බැණ වැදීම සුදුසු නොවන කි‍්‍රයාවක්. මෙවැනි කරුණු පිළිබද විෂයභාර අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු, නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර ඇතුළු අමාත්‍යාංශයේ වගකිව යුත්තන් අවධානය යොමුකළ යුතු බව නෙත් නිවුස් පෙන්වා දෙනවා.