Friday, January 17, 2025

General line - 0115112241

අගමැති සේරුවාවිල පුද බිමට (PHOTOS)

අමදෝරු අමරජීව - ත්‍රිකුණාමලය




බුදුන් වහන්සේගේ ලලාට ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති සේරුවාවිල මංගල රජමහා විහාරස්ථානයේ සහ පූජා නගර සංවර්ධන කටයුතු අදියර කිහිපයක් යටතේ යළි ආරම්භ කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

අද (31) එම විහාරස්ථානයේ පැවති පිංකමකට එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියා. විහාරස්ථානයේ අභිනව පිවිසුම් මාර්ගය, සංඝාවාසය සහ ධර්ම මන්දිරයද අග‍්‍රාමාත්‍යවරයා අතින් අද විවෘත කෙරුණා.

මෙම අවස්ථාවට අමාත්‍ය නවීන් දිසානායක, නැගෙනහිර ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම ඇතුළු පිරිසක් එක්ව සිටියා.