වැලි ගොඩ දැමීම සහ ප‍්‍රවාහනය සම්බන්ධයෙන් වන නීති ලිහිල් කිරීමට අවධානය යොමුකර ඇති බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදි නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ පිළිබද කරුණු දැක්වූයේ මෙලෙසයි.
මධ්‍යම පරිසර අධිකාරිය යටතේ සෑම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම කුණු මිළදී ගැනීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට අවධානය යොමුව ඇති බවද මෙහිදි ප‍්‍රකාශ කෙරුණා.