අනුරාධපුර, ශ්‍රාවස්තිපුර දුම්රිය ස්ථානයේදී අද (31) පෙරවරුවේ දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවීමට ගිය අනතුරක් දුම්රිය ස්ථානාධිපතිවරයා විසින් වළක්වාගෙන තිබෙනවා. එලෙස අනතුරෙන් ගැලවී ඇත්තේ ගල්කිස්සේ සිට කංකසන්තුරේ බලා ධාවනය වූ යාල්දේවී සීග්‍රගාමි දුම්රිය සහ මැදවච්චියේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ මන්දගාමී දුම්රියක්.
දුම්රිය ස්ථානයට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි සංඥා කුළුණෙන් දුම්රිය නතර කරන ලෙසට යාල්දේවී දුම්රියට ලබාදී තිබූ සංඥාව නොතකා එය ඉදිරියට ධාවනය කර ඇති බවයි දුම්රිය ප්‍රකාශකයෙකු පැවසුවේ. දුම්රිය ස්ථානාධිපතිවරයා විසින් යාල්දේවී දුම්රිය ධාවනය වූ පීල්ල වෙනස් කර අනතුර වළක්වාගෙන ඇති බවයි වැඩිදුරටත් අනාවරණ කෙරුණේ.
මීට සතියකට පමණ පෙරද මෙවැනි අනතුරක් ශ්‍රාවස්තිපුර දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් වළක්වා ගැණුනා.