අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඉන්දීය රුපියලේ අගයද මේ දිනවල වාර්තාගත ලෙස පහළ ගොස් තිබෙනවා. එරට මාධ්‍ය වාර්තාවන්ට අනුව අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඉන්දීය රුපියලේ අගය අද (31) වාර්තාවුණේ රුපියල් 71ක් ලෙසයි.
මෑත කාලයේදී අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඉන්දීය රුපියලේ අගය පහත වැටුනු පලමු අවස්ථාවද මෙය බව සඳහන්. ලෝක වෙළඳපලේ බොරතෙල් මිලෙහි පවතින උච්චාවචනය අනුව ඉන්දීය රුපියලේ වටිනාකමද මෙලෙස දෝලනය වෙමින් ඇති බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.