අනුරාධපුර, ශ‍්‍රාවස්තිපුර දුම්රිය ස්ථානයේදී සිදුවීමට ගිය අනතුර සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් සිදුකරන බව ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසනවා.
ගල්කිස්සේ සිට කංකසන්තුරේ බලා ධාවනය වූ යාල්දේවී සීග‍්‍රගාමි දුම්රිය සහ මැදවච්චියේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ මන්දගාමී දුම්රියක් මුහුණට මුහුණ ගැටී සිදුවීමට ගිය අනතුරක් ඊයේ (31) වැළකී ගියේ ශ‍්‍රාවස්තිපුර දුම්රිය ස්ථානාධිපතිවරයා විසින් ගත් කි‍්‍රයාමාර්ග හේතුවෙන් බවයි වාර්තා වුණේ.
ශ‍්‍රාවස්තිපුර දුම්රිය ස්ථානයට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි සංඥා කුළුණෙන් දුම්රිය නතර කරන ලෙසට යාල්දේවී දුම්රියට ලබාදී තිබූ සංඥාව නොතකා එය ඉදිරියට ධාවනය කිරීම නිසා මෙම අනතුර සිදුවීමට ගිය බව ප‍්‍රකාශ වුණා.
ඒ පිළිබද නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මෙවැනි ප‍්‍රතිචාරයක් දැක්වූවා.