Saturday, May 4, 2024

General line - 0115112241

කොළඹ කුණුවලින් වරායේ නගරයේ උද්‍යානය ඉදිවන හැටි ඇමති පාඨලී හෙළිකරයි

මහේෂ් චතුරංග




කොළඹ නගරයේ එක්රැස් වන කැළිකසලවලින් නිපදවන කොම්පෝස්ට් පොහොර යොදා ගනිමින් කොළඹ වරාය නගරයේ උද්‍යානය ඉදිකිරීමට සැලසුම් කර ඇති බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා. 

මහා නගර හා බස්නාහිර සංවර්ධන වැඩපිළිවෙල හා බැදුණු කොළඹ නගර සංවර්ධනය පිළිබද කොළඹ කථිකාවත වැඩසටහනට ඊයේ (31) පස්වරුවේ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.