Friday, May 3, 2024

General line - 0115112241

යාල වනෝද්‍යානයේ කොටසක් අද සිට වැසේ

දිල්ශාන් තුෂාර




යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක එක කොටස හෙවත් පලටුපාන පිවිසුම අද සිට මාස දෙකක කාලයකට වසා දැමෙනවා. වනජීවි අධ්‍යක්‍ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර පැවසුවේ පවතින වියළි කාලගුණය හා වනජීවින්ගේ ආරක්‍ෂාව සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන ඇති බවයි. 

වනෝද්‍යානය වසා දමා ඇති කාලසීමාව තුළ සංචාරක නිවාස අලූත්වැඩියාව සහ අනෙකුත් පහසුකම් වැඩි දියුණු කිරීමද සිදුකරන බවද වනජීවි අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පැවසුවා. නොවැම්බර් පළමු වනදා සිට වනෝද්‍යානය සංචාරකයින් සදහා නැවත විවෘත කිරීමට නියමිතයි. 

යාල ජාතික වනෝද්‍යානයේ කලාප 4 සහ 5 කොටස් සුපුරුදු පරිදි සංචාරකයින්ට විවෘතව පවතින බවද වනජීවි අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සදහන් කළා.