Saturday, May 4, 2024

General line - 0115112241

පුංචි බොරැල්ලේදී කාර් රථයක් ගිනි ගනියි

ලහිරු කපුගේ




පුංචි බොරැල්ල ප‍්‍රදේශයේදී අද (01) අළුයම මෝටර් රථයක් ගිනි ගෙන තිබෙනවා. කොළඹ මහනගර සභාවේ ගිනි නිවන ඒකකය පැවසුවේ පුංචි බොරැල්ල ප‍්‍රදේශයේ රථ ගාලක නවතා තිබූ මෝටර් රථයක් එලෙස ගිනිගෙන ඇති බවයි. 

ගිනි නිවන රථයක් සහ නිලධාරීන් 6 දෙනෙකු යොදවා ගින්න මැඩපැවැත්වූ බවද කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය පැවසුවා.