Friday, January 17, 2025

General line - 0115112241

අවසන් පදක්කම් බලාපොරොත්තුව අද තරග බිමේ

කසුන් කැලුම් - ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර සිට




 මෙවර ආසියානු කී‍්‍රඩා උළෙලේ ශී‍්‍ර ලංකා අවසන් පදක්කම් බලාපොරොත්තුව වන ශී‍්‍ර ලංකා පිරිමි රග්බි කණ්ඩායම අද (01) අවසන් පූර්ව තරගයට එක් වනවා. ඒ ආසියානු රග්බි ශ්‍රේණිගත කිරීම්වල ප‍්‍රථම ස්ථානයේ පසුවන ප‍්‍රබල ජපානයට එරෙහිවයි. 

ශී‍්‍ර ලංකාව ඊයේ (31) පැවති අර්ධ අවසන් පූර්ව තරගයේදී චීනය පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා. මේ අද තරගය පිළිබද නෙත් ස්පෝර්ට්ස්මන් වෙත අදහස් දැක් වූ ශී‍්‍ර ලංකා රග්බි කණ්ඩායමේ සාමාජික සුදම් සූරියආරච්චි.

ආබාධයකට ලක්ව සිටින ශී‍්‍ර ලංකා ප‍්‍රබල තුරුම්පුව වන ධනුෂ්ක රංජන්ද ජපානයට එරෙහිව අද පැවැත්වෙන තරගයට කී‍්‍රඩා කිරීමට සිටින්නේ දැඩි බලාපොරොත්තුවකින්.


ශී‍්‍ර ලංකාව සහ ජපානය අතර පැවැත්වෙන රග්බි අවසන් පූර්ව තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් අද පස්වරු 12:30ට ආරම්භ විමට නියමිතයි. මෙවර ආසියානු කී‍්‍රඩා උළෙළට ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 173 දෙනෙකු සහභාගි වුවද ඔවුන් කිසිවෙකුට පදක්කමක් දිනා ගන්නට මෙතෙක් හැකි වී නැහැ. මේ වන විට පදක්කමක් කරා යාමට ශී‍්‍ර ලංකාවට ඉතිරිව ඇත්තේ රග්බි ඉසව්ව පමණයි.