Saturday, May 4, 2024

General line - 0115112241

මිලියන 08ක හෙරොයින් කඩවතින් සොයා ගැනේ




පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් විසින් කඩවත මංකඩ පාරේ සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවෙක් සතුව තිබී රුපියල් අසු අට ලක්ෂයක් වටිනා හෙරොයින් ග්‍රෑම් 740 මිලිග්‍රෑම් 145ක් සොයා ගෙන තිබෙනවා. 

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු සතුව තිබී රුපියල් දෙලක්ෂ තිස්තුන් දහසක මුදලක්ද හමුවූ බව පොලිසිය සදහන් කරනවා.

අද (01) දිනයේදී සැකකරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.