Saturday, May 4, 2024

General line - 0115112241

ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමට ගාස්තු අය කිරීම අද සිට

සමන්ත කුමාර




ජාතික හැදුනුම්පත් නිකුත් කිරීම සදහා අද සිට ගාස්තු අය කෙරෙනවා. ඒ අනුව පළමු වරට ජාතික හැදුනුම්පතක් ලබාගැනීමට අය කෙරෙන ගාස්තුව රුපියල් සියයක්.

හැදුනුම්පතක සංශෝධිත අනුපිටපතක් ලබාගැනීමට රුපියල් 250 ක ගාස්තුවක් අය කෙරෙන අතර නැති වූ හැදුනුම්පතක් වෙනුවට අනු පිටපතක් නිකුත් කිරීමට අය කෙරෙන ගාස්තුව රුපියල් 500 ක්.

වලංගු කාලය ඉකුත් වු ජාතික හැදුනුම්පත වෙනුවට නව හැදුනුම්පතක් නිකුත් කිරීමේදී රුපියල් සියයක ගාස්තුවක් අය කෙරෙනු ඇති. ඊට අදාළ ගැසට් නිවේදනය අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍ය එස් බී නාවින්න විසින් ඉකුත් මස 9 වනදා නිකුත් කළා.