Friday, May 3, 2024

General line - 0115112241

අපරාධකරුවන්ට ගිනි අවි සැපයූ සැකකරුවෙකු රාගමදී අත්අඩංගුවට




අපරාධකරුවන්ට ගිනි අවි සැපයූ බව කියන සැකකරුවෙකු රාගම ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, බස්නාහිර පළාත් උතුර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදීයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගණේමුල්ල, සුමේධ මාවතේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙක්. ඉකුත් වසරේ ගම්පහ නගරයේ මෝටර් රථයක තිබී ටී 56 ගිනිඅවි 3 ක්, එම මැගසින් 7 ක් සහ උණ්ඩ 168 ක් සමග සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට පත් වුණා.

එම සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සිදුකළ විමර්ශනයකින් පසු ඔවුන්ට අවි ආයුධ ලබාදුන් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කළේ.