හෙරොයින් සන්තකව සිටියදී ඉකුත්දා අත්අඩංගුවට ගැණුනු සැකකරුවෙකුගෙන් කළ ප්රශ්න කිරීම්වලදි ඔහු විසින් සිදුකළ ඝාතන කිහිපයක තොරතුරු හෙළි වී තිබෙනවා.
ඉකුත් මාර්තු 10 වනදා කොටහේන ප්රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම, මාර්තු 27 වනදා මාළිගාවත්ත ප්රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම යන සිද්ධීන් තමන් විසින් සිදුකළ බව එම සැකකරු අනාවරණ කර තිබෙනවා.
ඉකුත් පෙබරවාරි මස 20 වනදා බොරැල්ල පොලිස් වසමේ කොටා පාර දුම්රිය හරස් මාර්ගය අසලදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කළ සිද්ධියටද ඔහු සම්බන්ධ බවටයි අනාවරණ වී ඇත්තේ.
මාළිගාකන්ද මහේස්ත්රාත් අධිකරණයෙන් රැදවුම් නියෝග ලබාගෙන කොළඹ අපරාධ කොට්ඨාසය සැකකරුගෙන් කළ ප්රශ්න කිරීම්වලදී එම තොරතුරු අනාවරණ වී තිබෙනවා.