කොළඹ නගරයේ රථ වාහන තදබදයට විසදුම් ලබාදීම සදහා සැහැල්ලූ දුම්රිය පද්ධතියක් හදුන්වාදීමේ ව්‍යාපෘතිය මෙම වසරේ අග භාගයේදී ආරම්භ කරන බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා. මහා නගර හා බස්නාහිර සංවර්ධන වැඩපිළිවෙල හා බැදුණු කොළඹ නගර සංවර්ධනය පිළිබද කොළඹ කථිකාවත වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.
අපිට නිදහස ලැබුනට පස්සේ මේ රටේ මෝටර් රථ තිබ්බේ 5000ක් පමණයි. අද තියනවා මෝටර් රථ හැත්තෑ පන් ලක්ෂයක්. අපේ රටේ පවුල් තියෙන්නේ පනස්පන් ලක්ෂයක් විතරයි. එම නිසා අද අපිට වෙලා තියෙන ප්රශ්නය බොහොම පැහැදිලි. කොළඹ නගරයේ වාහන තදබදය අවම කරන්න පාරවල් පළල් කරන්න ඕනේ කියලා අදහසක් තියනවා. අදටත් කොළඹ නගරයේ 15%ක් ගිහිල්ලා තියෙන්නේ පාරවල් වලට. තව ඒක පළල් කරන්න බැහැ. අපි වැටිලා ඉන්න තත්ත්වේ අනුව පාරවල් පළල් කරලා මේ ප්‍රශ්නෙන් බේරෙන්න අමාරුයි. දවසකට රුපියල් කෝටි 100ක් මේ මාර්ග තදබදය නිසා අපිට නැති වෙනවා. ඒ නිසා දැන් මේ රට යන්න ඕනේ පොදු ප්‍රවාහනය ශක්තිමත් කරන්න. දැන් අපි ඒ සදහා ගෙනාවා සැහැල්ලු දුම්රිය ක්‍රියාවලිය. මේක තමයි අපි අලුතින්ම ඇති කරන ක්රියාධාමය. අපේ පලවෙනි සැලැස්ම කඩුවෙල සිට කොළඹ බලා එන මාලඹේ, බත්තරමුල්ල, බොරැල්ල සිට ඩි.ආර්. විජයවර්ධන මාවතට එන සැහැල්ලු දුම්රියක්. ඒකට ආධාර කලේ ජපානයයි. ඩොලර් බිලියන 1.7ක ව්‍යාපෘතියක් ඒක. මේ වසරේ අග භාගයේදී මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිත බව ඇමතිවරයා මෙහිදී සදහන් කර සිටියා.
කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීමට තවත් ව්‍යාපෘති ගණනාවක් කි‍්‍රයාත්මක කරන බවද අමාත්‍ය පාඨලී චම්පික රණවක මෙහිදී කියාසිටියා.
කොළඹ කොටුවේ ප්‍රධාන බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඉදිකිරීමේ කටයුතු ලබන වසරේ අගභාගයේදී ආරම්භ කරන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
ඒ සදහා කොළඹ මැනිං වෙළද පොළ පෑලියගොඩ ප්‍රදේශයට ගෙන යාමේ සැලසුම් මේ වනවිට කි‍්‍රයාත්මක වෙමින් ඇති බවද අමාත්‍ය පාඨලී චම්පික රණවක වැඩිදුරටත් සදහන් කළා.