Friday, January 17, 2025

General line - 0115112241

එජාපය එක්ක ගනුදෙනුවක් නැහැ- බිමල් කියයි

සමන්ත කුමාර/ ලහිරු කපුගේ




සිය පක්‍ෂය එක්සත් ජාතික පක්‍ෂය සමග එක්ව සිටින බවට ඒකාබද්ධ විපක්‍ෂය සිදුකරන ප‍්‍රකාශ කිසිසේත් නොතකන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායක පැවසුවේ මෛතී‍්‍ර - රනිල් විරෝධී මෙන්ම රාජපක්‍ෂ විරෝධී පොදුජන බලවේගයකට සිය පක්‍ෂය නායකත්වය ලබාදෙන බවයි. 

ලබන 5 වනදා කොළඹදී පැවැත්වෙන ආණ්ඩුවට එරෙහි විරෝධතාවට ජනතා විමුක්ති පෙරමුණේ පිරිසක්ද එක්වන බවට ඒකාබද්ධ විපක්‍ෂය සිදුකළ ප‍්‍රකාශයටද පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායක ප‍්‍රතිචාර දැක්වූවා.