යාල්දේවී දුම්රියට මැදවච්චිය ප්රදේශයේදී එල්ල වූ ගල් ප්රහාරයකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. එලෙස තුවාල ලබා ඇත්තේ යාපනය ප්රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු ප්රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මැදවච්චිය පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා. උතුරු දුම්රිය මාර්ගයේ ධාවනය කෙරෙන දුම්රියවලට ගල් ගැසීමේ සිද්ධීන් කිහිපයක්ම මෑත කාලයේදී වාර්තා වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා.