Friday, January 17, 2025

General line - 0115112241

14 හැවිරිදි පාසැල් සිසුවියක් සියදිවි හානිකර ගනියි

මාධව කුලසූරිය -වවුනියාව




කිලිනොච්චිය,තිරුමුරුකණ්ඩි ප්‍රදේශයේ පාසැලක අධ්‍යාපනය ලබන 09 වන ශ්‍රේණියේ පාසැල් දැරියක් ඊයේ (31) සවස ගෙල වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබෙන බවට මාන්කුලම පොලිසිය සදහන් කරනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ 14 හැවිරිදි මුරුගේසු අභිසාලිනි නමැති පාසැල් දැරියක් බවයි පොලිසිය සදහන් කරන්නේ.

මියගොස් ඇති දැරියගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් කිලිනොච්චිය රෝහල වෙත යොමුකොට ඇති බවද පොලිසිය සදහන් කළා.

මාන්කුලම පොලිසිය පැවසූවේ මරණය කුමන හේතුවක් මත සිදුවුයේද යන්න සම්බන්ධයෙන් සොයා පරීක්ෂණ පවත්වන බවයි.