පානදුර වලාන දූෂණ මර්ධන අංශයට අනුයුක්තව සේවය කරන 23 හැවිරිදි කාන්තා පොලිස් කොස්තාපල්වරියක් හාලි ඇල ජගුල්ල පිහිටි සිය නිවස තුලම අභිරහස් ලෙස ගිනි ගිනිගෙන තිබෙනවා. ඇය එම ස්ථානයේදීම මරණයට පත්ව සිට ඇතැයි හාලිඇල පොලිසිය පවසනවා.
මෙසේ මරණයට පත්ව ඇත්තේ චන්දිමා ප්‍රියදර්ශන චන්ද්‍රසේකර නමැත්තියකි.
ඇය නිවාඩු ලබා ගෙදර පැමිණ සිටියදී අසල්වැසි ඥාතිනිවසක දානයකට සහභාගවී ඇතිඅතර අවසන් වරට ඇය තමපෙම්වතාට යැයි පවසා දාන ගෙදරින් බත් පාර්සල්යක් රැගෙන අද (01) දවල් ගෙදර ගොස් තිබේ. නිවසතුලින් ගින්නක් පැතිරයනු දුටු අසල්වැසියන් සොය බැලීමේදි මෙම විපත දැක තිබෙනවා. ගින්නෙන් නිවසේ සිවිලමට හා බඩු බාහිරාදියටද හානි සිදුව ඇත. හාලිඇල පොලිසිය විමර්ශන සිදුකරයි.