Friday, May 17, 2024

General line - 0115112241

පොලිස් නිලධාරීන්ද හිතක් පපුවක් ඇත්තන් බව පසක් කළ අපූරු පොලිස් දින සමරුම (PHOTOS)

සමන් විජය බණ්ඩාර




152 වැනි පොලිස් දිනය නිමිත්තෙන් හෙම්මාතගම පොලිසිය මාවනැල්ල අශෝකපුර ළමා නිවාසයේ දරුවන් සියලූ දෙනා වෙනුවෙන් දිවා ආහාරය ලබා දිමේ පුණ්‍ය කර්මයක් ඊයේ (03) සිදු කර ඔවුන් සමග පස්වරුවේ පැය කිහිපයක් ගී ගයමින් විනෝද විය.  

මෙම දානමය කටයුත්ත මින් ඉදිරියට සෑම පොලිස් දිනයකම සිදු කිරිමට එම ළමා නිවාසයේ පාලන අධිකාරිය දැනුවත් කිරිම සිදු වු අතර ඒ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්ෂක මෙෂාන් ඉන්දුක ද සිල්වා සෙසු නිලධාරින්ගෙන් කළ යෝජනාවට ඔවුන්ගේ එකඟතාවයද ඇතිවය.

පොලිස් නිලධාරින් මෙන්ම කාන්තා පොලිස් නිලධාරින් විසින් සියලූ දෙනා එක්ම ළමා නිවාසයේ ආහාර සැකසුම සිදු කිරිමෙන් අනතුරුව කුඩා සාමනේර හිමි නමක් එම ළමා නිවාසය වෙත වැඩමවා දරුවන් අධ්‍යාපනය ලබන විශේෂ පාසලේ කවි බණක් ඇසීමට සැලැස්විමෙන් පසුව දිවා ආහාරය ලබා දිම සිදු විය.

විවිධ කායික අබාධිත දරුවන් 85 කට වැඩි පිරිසකට දිවා ආහාරය පිළියෙල කර ලබා දෙන අවස්ථාවේ එහි විවිධ සංවේදි සටහන් රැසක් එහි ගිය මට දැක ගත හැකි වු අතර කාකි ඇදුමෙන් සැරසි සිටි මෙ නිලධාරින් විසින් ආහාර තනිවම ගැනිමට නොහැකි දරුවන්ට කැවිම සිදු කර අතර එම අවස්ථාවේ බොහෝ දෙනෙකුගේ ඇස් වලින් කදුළු පිදු බෙරි ඇස් උණු කදුළුලින් තෙමි තිබුණි.

දරුවන් කෑම කා අවසානයේ නිලධාරින් තුරුළු කර ගත් ඇතැම් දරුවන් පොලිසියේ නිලධාරින්ට ඉතාමත් ලෙන්ගතු වු අයුරු දැක ගත හැකි වුණා. එය බලා සිටි බොහෝ දෙනෙකුගේ නෙත් බොඳවූ අවස්ථාවක් විය.

බොහෝ දෙනාගේ නෙතට කඳුළක් එක්  කළේ අතක් නැති පාද දෙකත් අබාධිතව සිටින, අමුතු වාහානයකින් සිය ගමන් බිමන් ළමා නිවාසය පුරා යන එන සවිනා සාවින්දිට මෙන්ම කටින් චිත‍්‍ර අදින දිනුෂා ගෙ ක්‍රියාකාරකම් දැකීමෙනි. සාවින්දිට දැන් වයස අවුරුදු 05 ක් වන අතර ඇය ගීත ගායනා කිරිමට මෙන්ම චිත‍්‍ර ඇඳීම සහ ළමා නිවාසයේ ඇති පාසලේ කැපි පෙනෙන දක්ෂ දරුවෙකි.

එකොළෙිස් වියැති දිනුෂා කටින් චිත‍්‍ර ඇද සමස්ත ලංකා චිත‍්‍ර තරග වලින්ද ජය ලබා ඇති දියණියක් බවද විදුහල්පතිනිය පවසයි. ඇය කුඩා කාලයේ සිටම කටින් චිත‍්‍ර ඇදිමට සමත් දරුවෙක් බවද ඇය අප සමග පැවසීය.