Monday, May 6, 2024

General line - 0115112241

එස් එල් ටී ස්පීඩ් අප් පාපැදි සවාරියේ පළමු අදියර ජය නුගේරාට

ඩිල්ෂාන් මඩවල/ නිශාන්න් ද සිල්වා




එස් එල් ටී ස්පීඞ් අප් පාපැදි සවාරියේ පළමු අදියර ජය ගැනීමට ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ඩේන් නුගේරා සමත් වුණා. දෙවන ස්ථානය හිමිකර ගත්තේ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සොනාල් ද සිල්වායි. ශ‍්‍රී ලංකා යුද හමුදාවේ තුෂාන් රාජපක්ෂ 03 වන ස්ථානය හිමිකර ගත්තා. 

මෙම පාපැදි සවාරයේ පළමු අදිරය පැවැත්වුණේ කොළඹ ගාලූ මුවදොර පිටියේ සිට මාතර දක්වායි. එහි දුර ප‍්‍රමාණය කිලෝ මීටර් 159.5ක්. ශ‍්‍රී ලංකා පාපැදි තරග ඉතිහාසයේ වැඩිම වේගය ද මෙහිදී වාර්තා වුණා. එම වේගය පැයට කිලෝමීටර් 46ක්. 

එස් එල් ටී ස්පීඞ් අප් පාපැදි සවාරිය ස`දහා තරගකරුවන් 120කට ආසන්න සංඛ්‍යාවක් එක්ව සිටිනවා. එහි දෙවන අදියර හෙට මාතර සිට බලංගොඩ දක්වා පැවැත්වීමට නියමිතයි.