Saturday, April 27, 2024

General line - 0115112241

ආසියානු කුසලානය සඳහා පළමු සටන අද - වසරකට පසු මාලිංග පිටියට

කසුන් කැලුම්




ආසියානු කුසලාන කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර අද (15) පැවැත්වෙනවා. ඒ. ඩුබායි කී‍්‍රඩාංගණයේදීයි. එම තරගය මෙරට වේලාවෙන් පස්වරු 5 ට ආරම්භවීමට නියමිතයි.

වසරකට පසු ලසිත් මාලිංග අද දිනයේ එක්දින පිටියට පිවිසීමට නියමිතව තිබෙනවා. ඩිල්රුවන් පෙරේරාටද අද තරගයේදී අවස්ථාවක් හිමිවනු ඇති බවයි ඩුබායි නුවරින් වාර්තා වන්නේ. බංග්ලාදේශ කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කි‍්‍රකට් තරගාවලියක් සදහා එක් වන්නේ වසර 23 කට පසුවයි. 

ශී‍්‍ර ලංකාව ආසියානු කි‍්‍රකට් තරග ඉතිහාසයේ මේ දක්වා එක්දින තරග 48 කට කී‍්‍රඩා කර තිබෙනවා. ඉන් ශී‍්‍ර ලංකාව තරග 31 ක් ජයගත් අතර තරග 16 ක් පරාජයට පත් වුණා. බංග්ලාදේශය ආසියානු කි‍්‍රකට් තරග ඉතිහාසයේ සහභාගි වී ඇති එක්දින තරග සංඛ්‍යාව 42 ක්. ඔවුන් ඉන් ජයගෙන ඇත්තේ තරග 7 ක් පමණයි. තරග 35 ක් බංග්ලාදේශය පරාජයට පත්වී තිබෙනවා. 

ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර පවත්වා ඇති ආසියානු එක්දින කි‍්‍රකට් තරග සංඛ්‍යාව 12 ක්. ඉන් තරග 11 ක ජය වාර්තා කිරීමට ශී‍්‍ර ලංකාව සමත් වුණා. බංග්ලාදේශය ශී‍්‍ර ලංකාවට එරෙහිව ආසියානු තරග ඉතිහාසයේ ජයග‍්‍රහණය කර ඇත්තේ එක් තරගයක් පමණයි. බංග්ලාදේශය මේ වනවිට එක්දින ශ්‍රේණිගත කිරීම්වල 7 වන ස්ථානයේ පසුවන අතර ශී‍්‍ර ලංකාව එම සටහනේ 8 වන ස්ථානයේ පසුවනවා.