Saturday, April 27, 2024

General line - 0115112241

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට දුන්නොත් වෘත්තීය සමිති කරන දේ පවසයි

කසුන් කැලුම්/ ලහිරු කපුගේ




ති‍්‍රකුණාමලය චීන වරායේ තෙල් ටැංකි 15 ඉන්දිය සමාගමකට පැවරීම සදහා විෂයභාර අමාත්‍ය අර්ජුන රණතුංග ඉකුත්දා කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති බව ඛනිජ තෙල් පොදු සේවක සංගමය පවසනවා. මීට පෙර තෙල් ටැංකි පිළිබදව ගිවිසුමකට එළඹෙන්නේ නම් ඒ පිළිබදව තමන් සමග සාකච්ඡා කරන බවට අග‍්‍රාමාත්‍යවරයා විසින් පොරොන්දුවක් ලබාදුන් බවයි එම සංගමයේ ලේකම් ඩී ජේ රාජකරුණා පැවසුවේ. එය නිවැරදි නොකරන්නේ නම් අඛණ්ඩ වෘත්තීය කි‍්‍රයාමාර්ගයක් ඉදිරියේදී ආරම්භ කරන බව ඛනිජ තෙල් පොදු සේවක සංගමය සදහන් කළා.

ඛනිජ තෙල් පොදු සේවක සංගමය සිදුකරන මෙම චෝදනාව සම්බන්ධයෙන් නෙත් නිවුස් ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයෙන් විමසීමක් කළා. එහි ප‍්‍රකාශකයෙකු කියාසිටියේ ති‍්‍රකුණාමලය තෙල් ටැංකි පිළිබද අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි.