Sunday, April 28, 2024

General line - 0115112241

දුමිරියක කොටසක් ගැලවීයාම ගැන දෙපාර්තමේන්තුව පියවරක් ගනී

නිශාන් ද සිල්වා




මොරටුව දුම්රිය ස්ථානය ආසන්නයේදී ධාවනය වූ දුම්රියක කොටසක් ගැලවී යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙනවා. එහි නියෝජ්‍ය ගමනා ගමන අධිකාරි වී එස් පොල්වත්තගේ නෙත් නිවුස් වෙත කියාසිටියේ ඒ සදහා තාක්‍ෂණික කමිටුවක් පත් කළ බවයි.

ඊට දුම්රිය දෙපාර්තමේන්තුවේ ප‍්‍රවාහන, ධාවනබල, මාර්ග හා කර්මාන්ත උප දෙපාර්තමේන්තුවල නිලධාරීන් තුන් දෙනෙකු පත් කෙරුණා. එම කමිටුවේ වාර්තාව ලැබීමෙන් පසු මෙම සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්නා බවයි නියෝජ්‍ය ගමනා ගමන අධිකාරි වී එස් පොල්වත්තගේ කියාසිටියේ.

දකුණු කළුතර සිට කොළඹ කොටුව බලා ඊයේ (14) පෙරවරුවේ ධාවනය වූ දුම්රියක එන්ජිම සහිතව මැදිරි කිහිපයක් ගැලවී ගොස් තිබුණා.