Saturday, April 27, 2024

General line - 0115112241

රටේ ආර්ථික ඝාතනයක් සිදුවන බවට හෙළිදරව්වක්

ප‍්‍රගීත් ජානක/මහේෂ් චතුරංග




රට තුළ ආර්ථික ඝාතන කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක වෙමින් ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ, අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. 

ජනාධිපතිවරයා ගමට ගිහිල්ලා කතා පවත්වනකොට කියනවා මම මේ රටේ සුළු මාධ්‍ය පරිමාණ කර්මාන්තකරුවෝ රකිනවා කියලා. රෙදිපිළි ඇඟලුම් කර්මාන්තයේ දසලක්ෂයක් ඇඳුම් මහලා ජිවත් වෙනවා. ඒකට විරුද්ධව මංගල සමරවිර ඇමතිවරයා ඉකුත් අගෝස්තු මස 26 වෙනිදා ඉදන් 15% ක බද්දක් පැනවීම නිසා ආනයනය කරන රෙදි කන්ටේනරයක් නිදහස් කර ගන්න වැඩිපුර ලක්ෂ 20-25 ක අතර මුදලක් ගෙවන්න සිද්ධ වෙලා තියනවා. දේශීය රෙදිපිළි කර්මාන්තය වලපල්ලට යවන කුමන්ත්‍රණය එක්සත් ජාතික පක්ෂය ක්‍රියාත්මක කරනවා. එකින් එකට වෙනස් ක්‍රම දෙකක් එකට එක්ව යාම නිසා අප රටේ ආර්ථික ඝාතන කුමන්ත්‍රණයක් දියත් වෙන බව අපට පෙනී යන බව මෙහිදී මන්ත්‍රිවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියා.


මේ අතර පොලිස්පතිවරයා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් ද සොයිසා අද මෙලෙස අදහස් පළ කළා. 

ඔහු මෙම අදහස් පළ කළේ ඇඹිලිපිටියේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.