Sunday, May 19, 2024

General line - 0115112241

ටැන්සානියාවේ විලක ගිය මගී නැවක් පෙරළෙයි - මගීන් ගණනක් මරුට

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අපි‍්‍රකානු රාජ්‍යයක් වන ටැන්සානියාවේ, වික්ටෝරියා විලේ යාත‍්‍රා කරමින් තිබූ මගී ප‍්‍රවාහන නෞකාවක් පෙරළී යාමෙන් අනතුරක් සිදුවුණා. එම අවස්ථාවේදී අදාළ නෞකාව තුළ පුද්ගලයින් 400කට අධික පිරිසක් සිටි බවයි පැවසෙන්නේ. අනතුරෙන් පුද්ගලයින් 40ක් පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහෙත්, එම සංඛ්‍යාව 200ක් පමණ වනු ඇති බවයි ටැන්සානියානු බලධාරීන් පවසන්නේ. දියේ ගිලෙමින් සිටි පුද්ගලයින් 100ක් පමණ සහන සේවා කණ්ඩායම් විසින් බේරා ගැනුනද ඔවුන්ගෙන් ඇතැමෙකුගේ තත්ත්වය බරපතල බව සඳහන්. 

අනතුරට පත් නෞකාව මගීන් 100දෙනෙකු පමණ ප‍්‍රවාහනය කළ හැකි නෞකාවක් බවයි බලධාරින් පවසන්නේ. එහෙත් එම ප‍්‍රමාණයට වඩා වැඩි පිිරිසක් නෞකාවේ ගමන් කිරීම හේතුවෙන් එය පෙරළී ගොස් ඇතැයි පැවසෙනවා. නෞකාවේ ගමන් ගත් පුද්ගලයින්ගේ අනන්‍යතාව සොයා ගැනීම සඳහා පරික්ෂණ කි‍්‍රයාත්මකයි.