Friday, September 20, 2024

General line - 0115112241

මව ‘ටැටූ‘ ගැසීමට මුදල් නොදුන්නාට උරණ වී පුතෙක් කළ පව්කාර වැඩක්!



සිය ශරීරයේ පච්ච කෙටීම සඳහා රුපියල් 5000 ක්‌ මවගෙන් ඉල්ලා එය නොදුන් නිසා සිය මවට පහරදී නිවසේ බඩු මුට්‌ටු කඩා විනාශ කළ 18 හැවිරිදි තරුණයකු පිළිබඳ පුවතක් නොච්චියාගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අදාළ තරුණයා මේ වන විට නොච්චියාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම තරුණයාගේ මව‌ විසින් පොලිසියට කළ පැමිණිල්ලක්‌ අනුව ඔහුව අත්අඩංගුවට ගත් අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන අගෝස්‌තු 02 දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

මේ දිනවල නොච්චියාගම ප්‍රදේශයේ පැවැත්වෙන සංගීත සංදර්ශන භූමියේ ඇති වෙළෙඳ කුටියක පච්ච (ටැටූ) කෙටීමේ ස්‌ථානයක මුළු ශරීරයේම මෙම පච්ච කෙටීම සඳහා රුපියල් 12000 ක්‌ අය කරන අතර එපමණ මුදලක්‌ තමා ළඟ නොමැති නිසා ශරීරයේ කොටසක පමණක්‌ මෙම පච්ච කෙටීමට සිතා ඒ සඳහා රුපියල් පන්දාහක්‌ දෙන ලෙස මවට බල කර ඇත.

පච්ච කෙටීමට තබා එදිනෙදා ජීවිතය ගෙන යාමේ ඇති දුෂ්කරතා ගැන කියමින් තමන් ළඟ මුදල් නොමැති බව මව පවසා ඇත.

ඉන් කෝපයට පත් තරුණයා විසින් මවට පහරදී ඇත.