Monday, November 25, 2024

General line - 0115112241

සුවසැරිය රථයේ දරු ප්‍රසූතියක් (PHOTOS)

පාලිත ආරියවංශ




සුවසැරිය ගිලන් රථයක් තුළදී දරු ප්‍රසූතියක් සිදුව තිබෙනවා.

ඊයේ (25) සවස මෙම දරු ප්‍රසූතිය සිදුව ඇති අතර බිළිඳා සහ මව මේ වන විට බදුල්ල මහ රෝහලේ සුවෙන් සිටින බවයි වාර්තා වෙන්නේ.

බදුල්ල පොලිස් ස්ථානයේ ස්ථාන ගත කර තිබෙන සුවසැරිය ගිලන් රථයට මෙම ගැබිණි කාන්තාව පිළිබදව දුරකථන පණිවිඩයක් ලැබුනු බවත් ඒ අනුව වහා එම ස්ථානයට යමින් සිටියදී අදාළ ගැබිණි කාන්තාව වෙනත් රථයකින් රැගෙන එමින් සිට තිබෙනවා. අතරමගදී රථ දෙන නවතා ගැබිණි කාන්තාව සුව සැරිය රථයට මාරු කර රෝහල කරා එමින් සිටියදී මෙම දරු ප්‍රසූතිය සිදුව තිබෙනවා.

මෙම ගිලන් රථයේ හදිසි වෛද්‍ය තාක්ෂණික ශිල්පිනී  සුලක්ෂි ප්‍රසාදිනී සඳහන් කර ඇත්තේ අදාළ මවට දරු ප්‍රසූතියට අවශ්‍ය පහසුකම් ගිලන් රථය තුළදීම සපයා දෙමින් දරුවා බිහි කිරීමෙන් පසු පෙකිනිවැල කපා අවශ්‍ය පිළිවෙත් අනුගමනය කළ බවයි.

අදාළ මව බදුල්ල දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානයක් වන පුස්සැල්කන්ද ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.