Tuesday, April 30, 2024

General line - 0115112241

හැටන් ශී‍්‍රපාද මධ්‍ය මහා විද්‍යාලයේ පැවති 'යූ ආර් අ ලීඩර්' වැඩසටහන සාර්ථකව නිමා වෙයි (UPDATE)




හැටන් ශී‍්‍රපාද මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්වෙන නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ තිස් එක් වන අදියරේ දෙදින නේවාසික පුහුණු කඳවුර අද (30) සාර්ථකව අවසන් වුණා. මේ ඊට එක්වූ සිසු දරු දැරියන් කිහිපදෙනෙක්.
 

යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහන මෙවරද සංවිධාන කෙරෙන්නේ නෙත් නිවුස් සහ ලංකා බැංකුව එක්වයි. 
 

................................................

නෙත් නිවුස් සහ ලංකා බැංකුව එක්ව සංවිධාන කරනු ලබන යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ තිස් එක් වැන්න මේ වනවිට හැටන් ශී‍්‍රපාද මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්වෙනවා.

එහි දෙදින නේවාසික කඳවුරේ දෙවන දිනය අදයි.

පළමු දිනය ඊයේ (29) අවසන් වූයේ විචිත‍්‍රවත් ගිනිමැළ සංදර්ශනයකින්. එහිදී දරු දැරියන් සිය කලා හැකියාවන් ඉදිරිපත් කරනු ලැබුවා.

මෙම  ගිනිමැල සංදර්ශනය නැරඹීම සඳහා පැමිණ සිටි සිසු දරුවන්ගේ දෙමවුපියන් දරුවන්ගේ හැකියාවන් දැක සිය සතුට පළ කළ සිටියා.

කඳවුර සඳහා සහභාගී වී සිටින දරු දැරියන් මේවනවිට තායී ජී ශිල්පීය සැසියකට සහභාගී වී සිටිනවා. 
 

-----------------------------------

යූ ආර් අ ලීඩර් 31 වැන්නේ පළමු දිනය අදයි 

(29-09-2018 20:22)

 

නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ තිස් එක් වැන්න සදහා එක් වූ හැටන් ශී‍්‍රපාද මධ්‍ය මහා විද්‍යාලයේදී සිසුන් අද (29) දිනයේ විවිධ කි‍්‍රයාකාරකම්වල නිරත වුණා. ඔවුන් ලද අත්දැකීම් පිළිබද සිසුන් කිහිප දෙනෙකු මෙලෙස අදහස් පළ කළා. 


යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහන සදහා ලංකා බැංකුවද නෙත් නිවුස් සමග අත්වැල් බැදගෙන සිටිනවා. 
 

.......................................................................

නෙත් නිවුස් සහ ලංකා බැංකුව එක්ව සංවිධාන කරන යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ තිස් එක් වැන්න හැටන් ශී‍්‍රපාද මධ්‍ය මහා විද්‍යාලයේදී මේවනවිට කි‍්‍රයාත්මකයි. එහි නවතම තොරතුරු නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු සජිත් තිලකරත්නගෙන්.

 

..................................................

යූ ආර් අ ලීඩර් මාපිය ගුණ සම්භාවනා සංගීත චිකිත්සාව

(29-09-2018 12:22)

නෙත් නිවුස් සහ ලංකා බැංකුව එක්ව සංවිධාන කරන යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ තිස් එක් වැන්න හැටන් ශී‍්‍රපාද මධ්‍ය මහා විද්‍යාලයේදී මේවනවිට පැවැත්වෙනවා. දෙදින නේවාසික කඳවුරට එක්ව සිටින සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන් වෙනුවෙන් මාපිය ගුණ සම්භාවනා සංගීත චිකිත්සාව අද පෙරවරුවේ පැවැත්වුණා. මේ ඊට එක්වූ දෙමාපියන් නෙත් නිවුස් වෙත පළ කළ අදහස්. 

මෙම වැඩසටහන යටතේ ගුරුවරුන් වෙනුවෙන් ද විශේෂ වැඩසටහනක් කි‍්‍රයාත්මක වුණා. ඊට එක්වූ ගුරුවරුන් කිහිපදෙනෙක් නෙත් නිවුස් වෙත අදහස් දැක්වූයේ මෙලෙසයි.

---------------------------------

යූ ආර් අ ලීඩර් 31 වැන්නේ දෙවන දිනය අදයි

29-09-2018 07:22

නෙත් නිවුස් සහ ලංකා බැංකුව එක්ව සංවිධාන කරන යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ තිස් එක් වැන්න හැටන් ශී‍්‍රපාද මධ්‍ය මහා විද්‍යාලයේදී මේවනවිට පැවැත්වෙනවා. අද උදෑසන එහි දෙදින නායකත්ව පුහුණු කඳවුර ආරම්භ කෙැණා. 

මෙම වැඩසටහනට යටතේ ඊයේ දිනයේ සිසුන්, දෙමාපියන් මෙන්ම ගුරුවරුන් වෙනුවෙන් ද වැඩසටහන් කි‍්‍රයාත්මක වුණා.

-----------------------------------------------

යූ ආර් අ ලීඩර් 31 වැන්න අද

28-09-2018 19:22

නෙත් නිවුස් සහ ලංකා බැංකුව එක්ව සංවිධාන කරන යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ තිස් එක් වැන්න හැටන් ශී‍්‍රපාද මධ්‍ය මහා විද්‍යාලයේදී මේවනවිට පැවැත්වෙනවා.

අද (28) උදෑසන ආරම්භ වූ මෙම වැඩසටහන යටතේ සිසුන් වෙනුවෙන් මෙන්ම පාසලේ ගුරුවරුන් සඳහා ද විශේෂ දේශණයක් පැවැත්වුණා. ‘‘කොන්දේසි විරහිත ආදරය’’ රසවින්දනාත්මක වැඩසහන මේ වනවිට පැවැත්වෙනවා. මෙම වැඩසටහනට එක්ව සිටින සිසුන් කිහිප දෙනෙකු නෙත් නිවුස් වෙත අදහස් දැක්වූයේ මෙලෙසයි.


 

.................................................

නෙත් නිවුස් සහ ලංකා බැංකුව එක්ව සංවිධාන කරනු ලබන යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ තිස් එක් වැන්න හැටන් ශී‍්‍රපාද මධ්‍ය මහා විද්‍යාලයේදී අද (28) උදෑසන ආරම්භ වුණා. ඒ, සමාරම්භක උත්සවයකින් අනතුරුවයි.

මේ ඒ සම්බන්ධ අදහස් පළ කරන හැටන් ශී‍්‍රපාද මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති වසන්ත කවිරාජ.

මෙවැනි නායකත්ව පුහුණු වැඩසටහනක් මෙම ප‍්‍රදේශයට ගෙනඒම සම්බන්ධයෙන් ලංකා බැංකුවේ නුවරඑළිය ප‍්‍රාදේශීය කළමණාකරු කුමුදු මහවත්ත මෙලෙස අදහස් පළ කළා.

අද පස්වරුවේ පාසලේ සිසු දරුවන්ගේ දෙමව්පියන් සදහා විශේෂ දේශණයක් මෙන්ම සිසු දරුවන් සදහා කොන්දේසි විරහිත ආදරය නම් වූ රස වින්දනාත්මක වැඩසටහනක්ද පැවැත්වීමට නියමිතයි.