Tuesday, April 30, 2024

General line - 0115112241

ඇමති නියෝගයෙන් පොලිස්පතිවරයාගේ ස්කොට්ලන්යාඩ් සංචාරය නවතී

දිනුක් හේවාවිතාරණ




හෙට (01) දින සිට ලබන 7 වනදා දක්වා බ්‍රිතාන්‍යයේ ස්කොට්ලන්යාඩ් පොලිසියේ පැවැත්වීමට නියමිත "පොලිසිය ප‍්‍රතිසංස්කරණය කළ යුතු ආකාරය සහ ප‍්‍රජා පොලිස් සංකල්පය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන්" වන සමුළුවට සහභාගී වීම තාවකාලිකව අත්හිටුවන ලෙස පොලිස්පති පුජිත් ජයසුන්දරට තමන් දැන්වූ බව නිතිය හා සාමය පිළිබඳව අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර nethnews.lk වෙත ප්‍රකාශ කර සිටියා.

පොලිසිය පිලිබදව රටේ පවතින කතාබහ සහ පොලිස්පතිවරයාට එරෙහිව සිදුකරනු ලබන විශේෂ විමර්ශනය පැවැත්වෙමින් තිබෙන මොහොතක මෙලෙස විදෙස් සංචාරයක නිරත නොවිය යුතු බැවින් තමන් එම නියෝගය ලබා දුන් බවයි අමාත්‍යවරයා වැඩිදුරත් සදහන් කර සිටියේ.

පොලිස්පතිවරයා සමග මෙම ස්කොට්ලන්යාඩ් සංචාරය සදහා තවත් නිලධාරින් පස් දෙනෙකු එක්ව සිටි අතර ඔවුන්ටද මෙයට සහභාගී වීමට අවසර ලබාදී නොමැති බවයි වාර්තා වන්නේ.

මේ අතර පසුගිය සතියේදී පොලිස්පතිවරයාට එරෙහිව ලද පැමිණි සම්බන්ධයෙන් විමර්ශනය කරනු ලබන ත්‍රිපුද්ගල කමිටුව පොලිස්පතිවරයා පෙනී සිටිය අතර එහිදී ඔහුගෙන් පැය තුනක කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත් බව වාර්තා විය.