Tuesday, April 30, 2024

General line - 0115112241

ඉන්ධන මිල වැඩිවීම ගැන යලිත් ඉඟී

ටී කේ මහින්ද




ඉන්ධන මිල සූත‍්‍රය සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මාතර පැවැති උත්සවයකදී අද (30) අදහස් පළ කළා.

අපි මිල සුත්‍රය ගෙනාවට දැන් බනිනවා. ඒක ගෙනාවේ ජාතයන්තරයත් එක්ක ඉදිරියට යන්න. මිල වැඩි වෙනකොට ඉන්ධන මිල වැඩි කරන්නත්, අඩු වෙන විට මිල අඩු කරන්නයි මිල සුත්‍රය ගෙනාවේ. ඒත් අවාසනාවකට මේ වන විට අමෙරිකාව සහ ඉරානය අතර තිබෙන අර්බුධය නිසා ඉන්ධන මිල වැඩිවෙලා තියෙන්නේ. ඊයේ (29) වෙන විට ඉන්ධන බැරලයක මිල ඩොලර් 81 ක් වෙලා තිබෙනවා යැයි මෙහිදී මුදල් ඇමතිවරයා සදහන් කර සිටියා.

රටේ ණය පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා.