Friday, September 20, 2024

General line - 0115112241

“ජන සටන“ පාද යාත්‍රාව නිසා පක්ෂයක් දෙකට කැඩේ..?



ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවට එරෙහිව සංවිධානය කරන “ජන සටන“ පාද යාත්‍රාව මහනුවරින් හෙට (28) ඇරඹීමට නියමිතය. මේ සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරනු ලබන පක්ෂ සියල්ලම පාහේ සහභාගී වන අතර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොටස්කරුවකුද වන ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය දෙපිළකට බෙදී තිබෙනවා.

පක්ෂයේ ප්‍ර‍ධාන ලේකම් හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ තම පක්ෂය ජන සටනට සහභාගී නොවන බවය. එහෙත් තමා ඇතුළු පිරිසක් පාදයාත්‍රාවට එක්වන බව එම පක්ෂයේ සභාපති රාජා කොල්ලුරේ මහතා පවසා තිබෙනවා.

කෙසේ වෙතත් මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය මහින්ද රාජපක්ෂ මහතා යළි බලයට ගෙන ඒම වෙනුවෙන් දෙකට කැඩී වෙන්වීමේ අවධානමක් ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසනවා.