Thursday, May 2, 2024

General line - 0115112241

"මහින්ද උදේට නැඟිට්ටගමන් අගමැති ඉන්න පැත්තට වඳින්න ඕනේ" (VIDEO)




"මහින්ද රාජපක්ෂ මහත්තයා උදේට නැගිට්ට ගමන් අපේ අගමැතිතුමා ඉන්න පැත්ත බලලා වදින්න ඕන" යනුවෙන් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ පවසනවා.


උත්සවයක් අමතමින් අමාත්‍යවරිය, " බුද්ධ ශාසනය විනාශ කරනවා.. ස්වාමීන් වහන්සේලා අත්අඩංගුවට ගන්නවා.. විදේශ අධිකරණ හා විදේශ විනිසුරුවරුන් දාලා නඩු අහන්න හදනවා.. කියලා පට්ටපල් බොරු කියනවා. 2015 දීත් ඔය විදිහටම බොරුවක් කිවුවා. ඒ තමයි ඡන්දය පැරදුනොත් යුද්දේ දිනවපු මහින්ද රාජපක්ෂ මහත්තයා විදුලි පුටුවට ගෙනියනවා කියලා. හැබැයි දැන් එහෙම නැහැ. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහත්තයා උදේට නැගිට්ට ගමන් අපේ අගමැතිතුමා ඉන්න පැත්ත බලලා වදින්න ඕන." යනුවෙන් එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

(ඒ සම්බන්ධ වීඩියෝව පහතින් දැක්වෙයි)