Tuesday, April 30, 2024

General line - 0115112241

තරුණ සේවා පරිශ්‍රයේ ළමා දින වැඩසටහනක් (PHOTOS)




ජාතික තරුණ සේවා සභාව ඊයේ (30) මහරගම තරුණ සේවා මධ්‍යස්ථාන පරිශ්‍රයේදී ලෝක ළමා දිනය සමරනු ලැබුවා.

ජාතික තරුණ ‍සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් එරන්ද වැලිඅංගේ ගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැති අතර ඒ සඳහා ප්‍රදේශයේ පෙර පාසල්වල දුදරුවන් 1500 කට වැඩි පිරිසක් සහභාගි වුණා.

උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම සැමරුම් උළෙල පැවැත්වූ අතර එම අවස්ථාවට ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි ඇතුළු විශාල පිරිසක් එක් වූහ. විවිධ තරඟ රැසක් මෙහිදී පැවැත්වූ අතර සියළුම දු පුතුන් වෙනුවෙන් තිළිණ ප්‍රධානය කිරීමද මෙහිදී සිදු කෙරෙණි.

වෙනදා තාරුණ්යප වෙනුවෙන්ම වෙන්වූ මහරගම තරුණ මධ්‍යස්ථාන පරිශ්‍රය මෙදින දරු,දැරියන් සදහාම වෙන්වීම විශේෂත්වයකි.