Wednesday, May 1, 2024

General line - 0115112241

වැටුප් වැඩි කරන්නැයි ඉල්ලා වතු කම්කරුවන් උද්ඝෝෂණයක

රංජිත් රාජපක්ෂ




වතු කම්කරුවන් පිරිසක් නල්ලතන්ණිය මරේ වතුයායේ තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිට අද උද්ඝෝෂණයක නිරත වුණා. ඒ, ජීවන වියදමට සරිලන වැටුපක් තමන්ට ලබාදෙන ලෙසට වතු සමාගමට බල කරමින්.

සියලූ දීමනා සමග වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 730ක්. එය රුපියල් දහසක් දක්වා වැඩි කරන ලෙයසි උද්ඝෝෂණයේ නිරත වූ වතු කම්කරුවන් ඉල්ලා සිටියේ. සිය වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා වතු කම්කරුවන් මීට පෙරද අවස්ථා රැුසකදී උද්ඝෝෂණවල නිරත වුණා.