Wednesday, May 1, 2024

General line - 0115112241

බුන්දල කලපුවේ මසුන් හදිසියේ මියයයි (PHOTOS)

රාහුල් සමන්ත/ සනත් ගමගේ




බුන්දල ජාතික වනෝද්‍යානයට අයත් බුන්දල කලපුවේ මසුන් විශාල ප‍්‍රමාණයක් මියගොස් ඇතැයි උද්‍යාන භාරකරු ආර්. ජී. ආර්. එස් රණතුංග පවසනවා. කලපුවේ ජලයට කිසියම් අධි සාන්ද්‍රණයක් මුසුවීම හේතුවෙන් මෙලෙස මසුන් මිය යන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ. 

මේ සම්බන්ධයෙන් නාරා ආයතනය ද දැනුවත් කළ බව බුන්දල ජාතික වනෝද්‍යානයේ භාරකරු සඳහන් කළා. මේ හේතුවෙන් ඒ අවට ජීවත් වන ධීවර පවුල් රැසකට ද බලපෑම් එල්ල වී තිබෙනවා.