Tuesday, April 30, 2024

General line - 0115112241

දරුවන්ගේ ප්‍රශ්න ගැන අවධානය යොමු කළ යුතුයි-ජනපති




ළමා අයිතිවාසිකම් සහ වරප‍්‍රසාද පිළිබඳ මෙන්ම ළමයින්ට සමාජයෙන් එල්ල වන අභියෝග පිළිබඳව ද වගකිව යුතු සියලූ පාර්ශවවල දැඩි අවධානය යොමු විය යුතු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ගාල්ල, බලපිටිය රේවත ජාතික පාසලේ ත්‍යාග ප‍්‍රදානෝත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. 

සියලු රාජ්‍ය තනතුරු වලට වඩා ඉහළ තනතුරු දෙකක් තිබෙන බවත් ඒ මව් පදවිය සහ පිය පදවිය බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා. එමෙන්ම ළමුන් මුහන දෙන ගැටළු සම්බන්ධයෙන් තනතුරු අමතක කර ඒ සදහා අවධානය යොමු කළ යුතු බවයි මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.