Tuesday, April 30, 2024

General line - 0115112241

ජනාධිපති හා හිටපු ජනපති එක්විය යුතුයි - වාසුදේව නානායක්කාර

පසන් වික්‍රමතිලක




ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර පවසනවා. ඒකාබද්ධ විපක්ෂය ජනාධිපතිවරයා සමඟ මේ පිළිබඳ සාකච්ඡා ආරම්භ කළ යුතුව ඇතැයිද මන්ත‍්‍රීවරයා කියා සිටියා. 

එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී සිදුකළ කතාවත් සමග ජනාධිපතිවරයා අපි බලාපොරොත්තුවන ස්ථාවරයට ලඟා වන බව පෙනී යනවා. අවසන් මායිම පසු කිරීමට පෙර අපි එතුමා සමග සාකච්ජා ආරම්භ කළ යුතුයි. අපට අවශ්‍ය මේ ආණ්ඩුව පෙරළා දමන්නයි. ඒ සදහා හිටපු ජනාධිපතිවරයා සහ වත්මන් ජනාධිපතිවරයා එක්විය යුතුයි. කවුරුන්හෝ එයට එරෙහිව වනවා නම් ඔවුන් සිදුකරන්නේ මහා ද්‍රෝහිකමක් යැයි මෙහිදී මන්ත්‍රිවරයා සදහන් කර සිටියා.

ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතමින් කළ ප‍්‍රකාශය මුදල් අමාත්‍ය මංගල සමරවීර ඉලක්ක කර සිදු කළ එකක් බවයි මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කළේ. 

කොළඹ අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පළ කළා.