Wednesday, May 1, 2024

General line - 0115112241

දුම්රිය ගාස්තු 35% කින් ඉහළට ?- වාසුදේව නානායක්කාර

පසන් වික්‍රමතිලක




දුම්රිය ගාස්තු සියයට 15කින් වැඩි වුවද ඇතැම් දුම්රිය ස්ථාන අතර ගාස්තු ඊට වැඩි ප‍්‍රතිශතයකින් ඉහළ නංවා ඇතැයි පාර්ශව රැසකින් චෝදනා එල්ල වනවා. ලංකා සම සමාජ පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර ද අද (01) පැවති මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳ අදහස් පළ කළා. 

දුම්රිය ගාස්තු 15% කින් වැඩි කිරීම ගැන රජය හා ජනමාධ්‍ය මගින් ප්‍රචාරය කර තිබුනත් එය 35% කින් ඉහල දමා ඇති බවට තොරතුරු වාර්තා වන බව මෙහිදී මන්ත්‍රිවරයා ප්‍රකාශ කර සිටියා. වෙනදට ගාල්ලේ ඉදලා කොළඹ එන්න ගාස්තුව රු. 100 ක් උනත් අද රු. 135 ක් අය කරලා තියනවා. ඒ වගේම මාසික වාර ප්‍රවේශ පත්‍ර ගාස්තුව 60%කින් පමණ ඉහල දමලා තියනවා. මේ වගේ එක දෙයක් කියලා තවත් විදිහකින් රටේ මහ ජනතාවගේ මුදල් කොල්ලකන ආණ්ඩුවේ ගාස්තු ක්‍රමය හෙලා දකින බවයි වාසුදේව නානායක්කාර මන්ත්‍රිවරයා කියා සිටියේ.