Thursday, May 9, 2024

General line - 0115112241

තෙබුවන පොලිස් සැරයන් වෙනුවෙන් ජනතාව වීථි බසිති

සැම්සන් පේ‍්‍රමසිිරි




අත්අඩංගුවට ගත් තෙබුවන පොලිසියේ සැරයන්වරයා වෙනුවෙන් ප‍්‍රදේශවාසීන් අද (07) විරෝධතා ව්‍යාපාරයක නිරත වුණා. ඒ, ගිනි අවියක් ද රැගෙන ඔහු නොසුන්සුන් ලෙසට හැසිරුණු බවට ප‍්‍රකාශ කෙරුණු තෙබුවන මංසන්ධියේදීයි. පොලිස් සැරයන්වරයාගේ ඥාතීන් පිරිසක් ද මෙම විරෝධතාවට එක්ව සිටියා. ඔවුන් අවධාරණය කළේ අත්අඩංගුවට ගත් සැරයන්වරයාට නිසි සාධාරණය ඉටු නොවන බවයි. 

තමන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ වැලි ප‍්‍රවාහනය කළ ටිපර් රථයක් පොලිස් ස්ථානාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් නිදහස් කළ බවට චෝදනා කරමින් ඔහු ඉකුත්දා විරෝධතාවයේ නිරත වුණා. ඒ, සිය ගිනි අවියද රැගෙන තෙබුවන මංසන්ධියට පැමිණීමෙන්. පසුව අත්අඩංගුවට ගැණුනු ඔහු ලබන අඟහරුවාදා වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. 

මේ අතර පොලිස් සැරයන්වරයා පිළිබඳ සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන ලෙසයි නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර රාජ්‍ය බුද්ධි අංශයට ද නියෝග කර ඇත්තේ.