Friday, April 19, 2024

General line - 0115112241

දරුවන් 50 කට පියෙක් වූ ලොකු හාමුදුරුවෝ




රංගිරි දඹුලු විහාරස්ථ උයන්වත්ත පුරාණ විහාරයේ ආරම්භ කර ඇති ශ්‍රී ජිනරතන සාමණේර භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ සහ ළමා සුරැකුම් මධ‍්‍යස්ථානයේ ගිහි පැවිදි කුඩා පිරිමි දරුවන් 50 ක් පමණ දුෂ්කරතා රැසක් මධයේ දහම් අධ්‍යාපනය ලබමින් සිටිනවා.

කර්මාචාර්ය විහාරාධිපති පූජ්‍ය හල්මිල්ලවැවේ ප්‍රේමරතන ස්වාමීන්වහන්සේ මෙම සියලු දරුවන්ට පියෙකු මෙන් කරුණාව හා ආදරය දක්වනවා.

මෙම දරුවන්ට දිනපතා ආහාර හා අනෙකුත් අවශ්‍යතා සපයා දෙනු ලබන්නේ විහාරයේ වැඩසිටින සාමණේර හිමිවරුන් පිණ්ඩපාතයේ වැඩම කර ලැබෙන දානයන්ගෙනි.

1993 වසරේ ආරම්භ කරන ලද  මෙම සාමණේර භික්ෂු පුහුණු මධ්‍යස්ථානය තුළ ජාති ආගම් කුල භේදයකින් තොර දරුවන් සෙවණ ලබනවා.  එමෙන්ම දෙමාපියන් නොමැති දරුවන් රැසක්ද මෙහි වෙසෙනවා. ඒ සියලු දෙනාගේ ආහාර පාන, ඇඳුම් පැළඳුම්, අධ්‍යාපනය ආදී සියලු කටයුතු සොයා බලා ඉටුකර දෙන්නේ මෙම ස්වාමීන්වහන්සේ විසිනි. දුෂ්කරතා කොතරම් තිබුණද මෙම මෙහෙවර ඉදිරියටත් සිදු කරගෙන යන බවයි පූජ්‍ය හල්මිල්ලවැවේ ප්‍රේමරතන හිමියන් පවසන්නේ.

westurn province www.nethnews.lk00001 westurn province www.nethnews.lk00002 westurn province www.nethnews.lk00003 westurn province www.nethnews.lk00004 westurn province www.nethnews.lk00005 westurn province www.nethnews.lk00006 westurn province www.nethnews.lk00007 westurn province www.nethnews.lk00008 westurn province www.nethnews.lk00009 westurn province www.nethnews.lk00010 westurn province www.nethnews.lk00011 westurn province www.nethnews.lk00012