Friday, September 20, 2024

General line - 0115112241

ලක්ෂාන් සඳකැන්ගෙන් ලෝක වාර්තාවක් !



සිය මංගල ටෙස්ට් තරගයේදීම වමතින් පන්දු යවන්නෙකු වාර්තා කළ හොඳම පන්දු යැවීමට හිමි වාර්තාව පිහිටුවීමට ශ්‍රී ලංකාවේ ලක්ෂාන් සඳකැන් පල්ලෙකැලේ පිටියේදී අද (27) සමත්වුණා.

ඒ ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු 58ට කඩුලු 4ක් දවාගනිමින්.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ ඔස්ට්‍රේලියාවේ ෆ්ලීට්වූඩ් ස්මිත්ය.

ඔහු 1935 වසරේ දෙසැම්බර් මාසයේදී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් වරම් හිමිකර ගැනීමින් පැවැති තරගයේ පළමු ඉනිමේදී ලකුණු 64ට කඩුලු 4ක් දවාගැනීම මේ දක්වා සිය මංගල ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී වමතින් පන්දු යවන්නෙකු දැක්වූ හොඳම දක්ෂතාව ලෙස වාර්තා අතර පැවැතියේය.