Thursday, November 28, 2024

General line - 0115112241

ට්‍රම්ප් සහ පුටින් හමුවෙයි




අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමියර් පුටින් අතර හමුවක් සිදුව තිබෙනවා.

ඒ, පළමු ලෝක යුද්ධය නිමා වී වසර 100ක් සපිරීම නිමිත්තෙන් සංවිධාන කෙරුණු ප‍්‍රධාන උත්සවයේදීයි.

ප‍්‍රංශයේ පැරිස් නුවර දී සංවිධාන කෙරුණු එම උත්සවයට එරට ජනාධිපති එමානුවෙන් මැක්‍රෝන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. එහිදී රැස්ව සිටි පිරිස ඇමතු ප‍්‍රංශ ජනාධිපතිවරයා පැවසුවේ සියලූ නායකයින් මේ වනවිට ජාතිවාදය ප‍්‍රතික්ෂේප කරමින් ඇති බවයි. 

1914 දී ආරම්භ වී 1918 නොවැම්බර් මස 11 වැනිදා අවසන් වූ පළමු ලෝක යුද්ධයේ දී හමුදා සාමාජිකයින් මිලියන 9.7කටත්, සිවිල් වැසියන් මිලියන 10කටත් ජීවිත අහිමි වුණා.