Sunday, April 28, 2024

General line - 0115112241

අධිකරණ සංකීර්ණය ඉදිරිපිට විරෝධතාවයක් (PHOTOS/VIDEO)

මහේෂ් චතුරංග




පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් විභාග කරන පෙත්සම් වලට අදාළව ව්‍යවස්ථානුකුලව තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා එක්සත් ජාතික පාක්ෂිකයින් පිරිසක් මේ වන විට අධිකරණ භුමිය ඉදිරිපිට මාර්ගයේ විරෝධතාවයක් සිදුකරමින් පවතිනවා. 

අප නෙත් නිවුස් විශේෂ වාර්තාකරු පැවසුවේ මෙම විරෝධතාවය සදහා පුද්ගලයින් 200 කට අධික සංඛ්‍යාවක් එක්ව සිටින බවයි. 

මාර්ගය ඉදිරිපිට රැස්ව සිටි පිරිස් හට එම ස්ථානයෙන් ඉවත්ව යන ලෙස පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ ඉල්ලීමක් කර ඇති අතර එම අවස්ථාවේදී මාර්ගයේ රැදී සිටි පිරිස් මෙලෙස හැසිරීමට පටන් ගත් බවයි අප වාර්තාකරු සදහන් කර සිටියේ.