Saturday, April 27, 2024

General line - 0115112241

හෙට පාර්ලිමේන්තුව රැස් වෙනවා : කැඳවලා තියෙන්නේ ජනාධිපතිවරයායි - හිටපු අගමැති

දිනුක් හේවාවිතාරණ




අද දිනයේදී ලැබූ ජයග්‍රහණය ජනතාව ලැබූ ජයග්‍රහණයක් බවත් රටේ ව්‍යවස්ථාව මෙමගින් තහවුරු වුනු බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ සිට විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටිනවා.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගය ලබා දීමෙන් පසු හිටපු අගමැතිවරයා ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් මෙම ප්‍රකාශය සිදුකරනු ලැබුවේ.

" මේ සදහා ශ්‍රේෂ්ඨාධිකරණය අද ගත්ත තීරණය අපි අගය කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් නියෝගයට අනුව මේ ගැන අධිකරණය හමුවේ කරුණු දක්වන්න කියලා දින දීලා තිබෙනවා. අපි එය සිදුකරනවා. මේ අවස්ථාවේදී කථානායකවරයාට අපගේ ස්තුතිය පුදකරනවා. එතුමා පාර්ලිමේන්තුවේ බලයත් ගෞරවයත් ආරක්ෂා කළා. ඒ නිසා පාර්ලිමේන්තුවේ ගෞරවය රැකුණා. සියළුම ආගමික නායකයින්ට සහ සිවිල් සංවිධාන වලට ජනතාවට අපගේ ස්තුතිය පුද කරනවා."

අපිට පාර්ලිමේන්තුවේ බහුතරය තියනවා, අපි පාර්ලිමේන්තුවේ අපේ බලය පෙන්නනවා. පාර්ලිමේන්තුව හෙට (14) කැඳවනවා. පාර්ලිමේන්තුව කැඳවලා තියෙන්න ජනාධිපතිවරයායි කථානායකවරයා නෙමෙයි.

ඒ වගේම මම කරුණු දෙකක් කියන්න කැමතියි, සියලුම රජයේ සේවකයින් ගෙන් මම ඉල්ලා සිටිනවා ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණය අනුව, පාර්ලිමේන්තුව අනුව කටයුතු කරන්න. පොලිසියේ වගකීමයි කථානායකවරයා මුණ ගැසිලා ඒ සම්බන්ධව සාකච්ජා කරන්න කියලා මම දැනුම් දෙනවා. ඒ වගේම අනිද්දා (15) දිනයේදී ජනතාව අද ලැබූ ජයග්‍රහණය සමරමින් ලිප්ටන් වටරවුමේ උද්ඝෝෂණයක් සිදුකරන බව මෙහිදී හිටපු අගමැතිවරයා කියා සිටිනවා.